ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය


මේ තිබෙන්නේ අතීතයේ ලංකාවේ තිබූ ජාතික කොඩි කිහිපයකි 




 


ධර්මාශෝක රජ සමයේ ඉන්දියාවේ සාංචි ස්ථූපය අසල සිතුවම් කරන ලද ගල් කැටමයක විජය කුමරුගේ ලංකාගමනය දැක්වේ. එහි විජය කුමරු ඇතුළු පිරිස සිංහ කොඩියක් දරා ගමන් කරන අන්දම නිරූපණය කර තිබේ. සිංහ කොඩියේ වොංස කථාවේ ප්‍රථම සාධකය ලෙස මෙය හැඳින්විය හැකිය. ඉන් පසුවද ලාංකීය රාජ්‍ය පාලකයින් විසින් සංහ කොඩිය විවිධ ස්වරූපයෙන්භා
විතා කර තිබේ.

විසිවන සියවසේ මුල් කාලයේදී ඊ.ඩ්බ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජයවර්ධන යන මහත්වරු අපේ ජාතික කොඩිය පිළිබඳ සොයා බැලීමේදී එංගලන්තයේ වෙල්සි ආරෝග්‍ය ශාලාවේ ගබඩා කාමරයක තිබී 1815 දී ඉංග්‍රීසින් විසින් සියරට ගෙනයන ලද සිංහ කොඩියක් සොයා ගැනීමට හැකිවිය.

1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ජාතික කොඩියක අවශ්‍යතාවය මතුවිය. මේ පිලිබඳව පාර්ලිමේන්තුව මගින් කමිටුවක් පත් කරන ලදී. එහි නිර්දේශ මත කලාශූරී ජේ.ඩී.ඒ.පෙරේරා සහ එස්.පී.චාර්ලිස් යන මහත්වරුන් විසින් වර්තමාන සිංහ කොඩිය නිර්මාණය කරන ලදී. 1948 පෙබරවාරි 12 වෙනි දින මහනුවර පැවති නිදහස් උළෙලේදී ඩී.එස්.සේනානායක අගමැතිතුමා විසින් දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී සිංහ කොඩිය ඔසවන ලදී. ඉන් අනතුරුව 1951 පෙබරවාරි 04 නිදහස් උළෙලේදී නිර්දේශිත සිංහ කොඩිය නිල වශයෙන් ඔසවන ලදී. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ශෛලිගත  බෝපත් සතර යළි උචිත පරිදි යෙදින. 1972 මැයි 22 ජනරජ දිනයේදී ඔසවන ලද්දේ එම සංශෝධිත ජාතික කොඩියයි. 1978 සැප්තැම්බර් 09 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන වගන්තියේ දෙවන උප ලේඛනය අනුව ජාතික කොඩිය ව්‍යස්ථාමය වශයෙන් ස්ථාපිත කෙරිණ. 1981 දී ජාතික කොඩිය භාවිතා කළයුතු අන්දම පිළිබඳව පාර්ලිමේන්තු පනතක් සම්මත විය.

Comments